English | Tamil

eZPal

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, eZ Cash මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් සඳහා LANKAQR ගෙවීම් පිළිගැනීමේ ක්ෂණික ලියාපදිංචිවීමක් හඳුන්වා දෙයි!

ඔබ

  • කුඩා / මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර හිමිකරුවෙක් නම්
  • සාප්පු හිමිකරුවෙක් නම්
  • අන්තර්ජාලය ඔස්සේ පන්ති පවත්වන ගුරුවරයෙක් නම්
  • ඔබගේ නිෂ්පාදන විකිණීම සඳහා හෝ ගණුදෙනුකරුවන්ගේ දොරකඩටම භාණ්ඩ ගෙනවිත් භාරදීම සඳහා ඔබේම Facebook පිටුවක් හෝ වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකු නම්
  • ත්‍රිරෝද රථ හිමිකරුවෙක් නම්

හෝ ඉරිදා / සිකුරාදා පොළෙහි (වෙළඳපොළ) එළවළු වෙළෙන්දෙකු වුවද, ඔබට වඩාත් ගැලපෙන නවතම "ගෙවීම් ලබාගැනීමේ විසඳුම" මෙය වේ.

eZ Cash පාරිභෝගික යෙදුම හරහා දැන් ඔබට, ක්ෂණිකව ඩවුන්ලොඩ් කර ඕනෑම ආකාරයේ ගෙවීමක් ලංකා LANKAQR හරහා භාරගැනීම ආරම්භ කළ හැකිය. Google Play Store හරහා හෝ App Store හරහා eZ Cash පාරිභෝගික යෙදුම ඩවුන්ලොඩ් කර, ඔබගේ ගණුදෙනුකරුවන් සිදු කරන ගෙවීම් භාරගැනීම ආරම්භ කරන්න. එය එතරම්ම සරලයි, පහසුයි! (eZ)

  • පියවර 01 : Google Play Store හරහා හෝ App Store හරහා eZ Cash පාරිභෝගික යෙදුම ඩවුන්ලොඩ් කරගන්න
  • පියවර 02 : eZ Cash පාරිභෝගික යෙදුම හරහා ක්ෂණිකව ලියාපදිංචි වන්න
  • පියවර 03 : යෙදුමේ ඇති ‘MyQR’ පෙන්වීමෙන් / හුවමාරු කිරීමෙන් ගෙවීම් භාර ගැනීම ආරම්භ කරන්න

eZ Cash පාරිභෝගික යෙදුමේ ඇති LANKAQR මඟින් පාරිභෝගිකයින්/ සේවාදායකයින්ගෙන් ක්ෂණිකව ගෙවීම් ලබා ගැනීමට උපකාරී වන අතර, එය වඩාත් සරල හා ආරක්ෂිත ක්‍රමයක් වේ. eZ Cash සමඟ ඩිජිටල්කරණය හා එක්වන්න, එවිට මුදල් නෝට්ටු හෝ මාරු කාසි සම්බන්ධයෙන් තවදුරටත් කරදර විය යුතු නැත!

ඔබගේ eZ Cash wallet එකෙහි ඇති LANKAQR කේතය සමඟ, ඔබට ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ ගණුදෙනු පරික්ෂා කිරීමටත් / අනෙකුත් පුද්ගලයන් සමඟ හුවමාරු කරගැනීමටත්, පහත සඳහන් ඕනෑම ගෙවීම් විකල්පයක් ලබාගැනීම ආරම්භ කිරීමටත් හැකියාව ඇත.

  • වෙනත් eZ Cash wallet එකක් මඟින් මුදල් ලබා ගැනීමටත්
  • Online Banking Apps හෝ වෙනත් ෆින්ටෙක් යෙදුම් හරහා ගෙවීම් සිදු කිරීමත්
  • Online Banking Apps සඳහා ඇතුළත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් පත් / ඩෙබිට් කාඩ් පත් මගින් කරන ලද ගෙවීම් ඇතුළත් කිරීමටත්

දිනකට ගණුදෙනු සීමාව:

ඔබගේ eZ Cash Cusromer wallet එකේ ඇති මුදල් සීමාව දක්වා

ගණුදෙනු සීමාවන්:

ඔබගේ eZ Cash wallet එක "‘Power Wallet" එකක් වන්නේ නම් දිනකට රු. 50,000 ක් දක්වා ගණුදෙනු සිදු කළ හැක.

ඔබගේ eZ Cash wallet එක "‘Classic Wallet" එකක් වන්නේ නම් දිනකට රු. 10,000 ක් දක්වා ගණුදෙනු සිදු කළ හැක.

දිනකට සීමාව රු. 50,000 ක් අවශ්‍යද?
පහසුවෙන්ම ඕනෑම Dialog සේවා මධ්‍යස්ථානයකට ගොස් ඔබේ eZ Cash wallet එක "Power Wallet " එකක් බවට පරිවර්තනය කර දිනකට අමතර සීමාවක් ඉල්ලා සිටින්න.

ගණුදෙනු ගාස්තුව

LANKAQR හරහා ගෙවීම් ලබාගැනීමේදී ඒ සඳහා 0.5% ක ගාස්තුවක් ගණුදෙනු වටිනාකමක් ලෙස අය කෙරේ.

සාමාන්‍ය ගණුදෙනු අවස්ථාවක්:

  • විකුණුම්කරු eZ Cash පාරිභෝගික යෙදුමට log වීම
  • MyQR touch කරන්න
  • MyQR පාරිභෝගිකයාට පෙන්වන්න / ඔහු සමඟ බෙදාගන්න
  • පාරිභෝගිකයා ඔවුන්ගේ ගෙවීම් යෙදුම මගින් MyQR ස්කෑන් කරයි
  • ගණුදෙනුකරු විසින් මුදල් ගෙවීම් යෙදුමට මුදල ඇතුළු කිරීම සහ ගණුදෙනුව තහවුරු කිරීම
  • විකුණුම්කරුට ක්ෂණික ගණුදෙනුව තහවුරු කිරීමේ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත
  • භාණ්ඩ / සේවා පාරිභෝගිකයාට මුදා හැරීමෙන් විකිණුම්කරු ගණුදෙනුව පිළිගනී

ඉහත කරුණු වලට අමතරව, ඔබගේ eZ Cash wallet එක සමඟ, ඔබට පහත සඳහන් ඕනෑම ගෙවීම් විකල්පයකින් මුදල් ලැබීම ආරම්භ කළ හැකිය. ඔබේ ගණුදෙනුකරු/ සේවාදායකයා සමඟ ඔබේ eZ Cash wallet අංකය (එය ඔබගේ ජංගම දුරකථන අංකය) බෙදාගෙන. ඉන්පසුව ඔවුන්ගෙන් ‘මුදල් යවන්න’ යනුවෙන් ඉල්ලා සිටින්න.

පහත දැක්වෙන ක්‍රමවලින් මුදල් ලැබීමේදී ඒ සඳහා ඔබගෙන් ගාස්තුවක් අය කරගනු නොලැබේ

  • වෙනත් eZ Cash wallet එකකින් මුදල් ලබාගැනීමේදී (“Send Money” විකල්පය හරහා)
  • 20,000 වඩා රට පුරා පිහිටා ඇති eZ Cash මධ්‍යස්ථාන (“Top Up” විකල්පය හරහා)
  • Online Banking (වැඩි විස්තර link එක ක්ලික් කිරීමෙන් ලබාගත හැක - https://www.ezcash.lk/topup-online-and-mobile-banking.php )
  • Mobile Banking Apps හෝ වෙනත් ෆින්ටෙක් යෙදුම්
  • බැංකු ගිණුම් හරහා මාරුවන CEFT (වැඩි විස්තර link එක ක්ලික් කිරීමෙන් ලබාගත හැක - https://www.ezcash.lk/topup-online-and-mobile-banking.php )

 

නිතර අසන ප්‍රශ්න

LANKAQR හරහා මිලදී ගැනීමේදී මා හට හිමි මුදල් ලැබෙන්නේ කෙසේද?
පාරිභෝගිකයාගේ eZ Cash wallet එක/ තුන්වන පාර්ශවීය ෆින්ටෙක්/ Mobile Banking Apps හරහා ගෙවීම් අඩුවන අතර එය ඔබගේ eZ Cash පාරිභෝගික wallet පසුම්බියට ලැබෙනු ඇත.

මා හට මුදල් ලැබීමට කොපමණ කාලයක් ගතවේද?
ගෙවීම් කාලීනව ක්‍රියාවට නංවනු ඇත. එමනිසා, ඔබට ක්ෂණිකව අරමුදල් ලැබෙනු ඇති අතර, තහවුරු කිරීමේ කෙටි පණිවිඩය ඔබගේ eZ Cash පාරිභෝගික පසුම්බියේ සක්‍රිය ජංගම දුරකථන අංකයට ලබාදෙනු ඇත.

ගණුදෙනු ගාස්තුවක් තිබේද?
විකුණුම්කරුවෙකු ලෙස, LANKAQR සේවාව භාවිත කිරීම සඳහා මුළු ගණුදෙනු මුදලින් 0.5% ක් ඔබෙන් අය කෙරේ. (උ.දා, ඔබට රු. 1,000.00 ක ගෙවීමක් ලැබී ඇත්නම්, ගණුදෙනු ගාස්තුවක් ලෙස රු. 5.00 ක මුදලක් ඔබේ eZ Cash Customer wallet අඩු කරනු ලැබේ)

මෙම සේවාව භාවිතා කිරීම සඳහා මගේ ගණුදෙනුකරුගෙන් මුදල් අය කෙරේද?
මෙම ගණුදෙනුව සඳහා ඔබේ සේවාදායකයා / පාරිභෝගිකයාගෙන් මුදල් අය නොකෙරේ

ඕනෑම ෆින්ටෙක් යෙදුම් /Mobile Banking Apps හරහා පාරිභෝගිකයෙකුට, MyQR (LANKAQR) ස්කෑන් කර මා හට ගෙවිය හැකිද?
ඔව්, eZ Cash ජංගම යෙදුම සහ LANKAQR කේතය කියවිය හැකි වෙනත් ඕනෑම තෙවන පාර්ශවීය ෆින්ටෙක් / Mobile Banking Apps මගින් ‘MyQR’ පරිලෝකනය කර ඔබට ගෙවීමක් සිදු කළ හැකිය.

LANKAQR හරහා පාරිභෝගිකයෙකුට මා හට ගෙවිය හැකි උපරිමය කොපමණද?
ඔබගේ eZ Cash wallet එක "‘Power Wallet" එකක් වන්නේ නම් දිනකට රු. 50,000 ක් දක්වා ගණුදෙනු සිදුකළ හැක.
ඔබගේ eZ Cash පසුම්බිය "‘Classic Wallet" එකක් වන්නේ නම් දිනකට රු. 10,000 ක් දක්වා ගණුදෙනු සිදු කළ හැක.

මගේ LANKAQR හරහා ස්කෑන් කිරීම අසමත් වූ විට මා කුමක් කළ යුතුද?
ඔබගේ යෙදුම හෝ ලංකා QR කේත ස්කෑන් කිරීම හා සම්බන්ධ ඕනෑම ගැටලුවක් සඳහා ඔබට 7111 පාරිභෝගික සේවා ඇමතුම් අංකය අමතා සහාය ලබාගත හැක.

ගණුදෙනුවක් අසමත් වුවහොත් මා කළ යුත්තේ කුමක්ද?
ඔබට වෙනත් eZ Cash Customer wallet එකකින් මුදල් ලැබෙන්නේ නම්- ඔබට 7111 eZ Cash පාරිභෝගික සේවා ඇමතුම් අංකය අමතා සහාය ලබාගත හැක.
ගණුදෙනුව තෙවන පාර්ශවීය ෆින්ටෙක් / Mobile Banking App හරහා නම් - ඔබගේ ගණුදෙනුකරු විසින් අදාළ ජංගම යෙදුම් සේවා ඇමතුම් අංකය සම්බන්ධ කරගත යුතුය.

LANKAQR හරහා කරන ලද මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ගණුදෙනුකරුවෙකු විසින් මුදල් ආපසු ඉල්ලා සිටින විට, ආපසු ගෙවීම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ඔබට වෙනත් eZ Cash Customer wallet එකකින් මුදල් ලැබෙන්නේ නම් - ඔබ විසින් 777456456 අංකයෙන් සිල්ලර වෙළඳුන්ගේ උපකාරක කවුළුව ඇමතිය යුතුය.
තෙවන පාර්ශවීය යෙදුමක් හරහා ගෙවීම් කර ඇත්නම් - අදාළ ජංගම යෙදුම් සැපයුම්කරුගේ දුරකථන අංකයට සම්බන්ධවීමට පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින්න.

මුදල් ආපසු ලබාදීමේ ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද?
වෙනත් eZ Cash wallet එකකින් මුදල් ලැබෙන්නේ නම් - වැඩ කරන දින 1-2 අතර කාලයක්
තෙවන පාර්ශවීය යෙදුමක් මඟින් මුදල් ලැබෙන්නේ නම් - වැඩ කරන දින 2-3 අතර කාලයක්
ගණුදෙනුව තෙවන පාර්ශවීය යෙදුමක් මඟින් නම් - අදාළ ජංගම යෙදුම් සපයන්නන්ගේ ඇමතුම් අංකයට සම්බන්ධවීමට පාරිභෝගිකයින්ට දන්වන්න, තවද ඔබට අපගේ සිල්ලර වෙළදුන්ගේ උපකාරක කවුළුව වෙත ඒ බව දන්වා සිටී.