top-up-from-bank-account

English | Tamil

දැන් eZ Cash පාරිභෝගිකයන්ට LankaQR සේවාව දීපව්‍යාප්තව ලබාදෙන ඕනෑම වෙළඳනියෝජිතයෙකුගෙන් eZ Cash සේවාව උපයෝගී කරගනිමින් භාණ්ඩ මිලදීගත හැක!

LankaQR යනු eZ Cash විසින් නිකුත් කරනු ලබන, Dialog ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව බලගන්වනු ලබන පොදු කේතයක් වන අතර මේ තුළින් ඕනෑම eZ Cash පාරිභෝගිකයෙකුට eZ Cash/ Fintech/ Mobile Banking සේවාව ලබාදෙන ඕනෑම වෙළඳනියෝජිත මධ්‍යස්ථානයකදී ස්මාට්ෆෝන් භාවිතයෙන් ක්ෂණිකව OTC ගෙවීමක් සිදුකළ හැක.

LankaQR ක්‍රමවේදය මගින් eZ Cash පාරිභෝගිකයන්ට කාඩ් යන්ත්‍ර භාවිත කිරීමකින් තොරව ඔවුන්ගේ බැංකුවෙන් OTC ගනුදෙනුවක් සිදුකළ හැක. මේ හරහා කවුන්ටරය ඉදිරියේ මුදල් භාවිත කිරීමක් සිදු නොකර, කාර්යක්ෂමව සහ පහසුවෙන් ක්ෂණිකව ගනුදෙනුවක් සිදුකිරීමට අවස්ථාව හිමිවේ.

eZ Cash පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ස්මාට් ජංගම දුරකතන හරහා eZ Cash Mobile App හෝ FinTech/ Mobile Banking App (HNB-Solo, FriMi etc.) භාවිත කරමින් වෙළඳ නියෝජිතයාගේ LankaQR code එක scan කර මුදල් ගෙවිය හැක. පාරිභෝගිකයා විසින් LankaQR සේවාව ලබාදෙන ඕනෑම වෙළඳ නියෝජිත මධ්‍යස්ථානයකදී scan කර මුදල් ගෙවූ විට eZ Cash වෙළඳහිමි wallet එකට ක්ෂණිකව මුදල් ලැබේ. ගනුදෙනුව තහවුරු කරමින් පාරිභෝගිකයාටත්, වෙළඳහිමියාටත් යන දෙදෙනාටම SMS පණිවිඩයක්ද ලැබෙනු ඇත.

ගනුදෙනුව සාර්ථකවී තහවුරු කිරීමේ SMS පණිවිඩය ලැබුණු පසු, පාරිභෝගිකයාට තමා සිදුකළ ගෙවීමට අදාළව භාණ්ඩ හා සේවා ලබාගත හැක

ගාස්තු

පාරිභෝගිකයෙකු වශයෙන් LankaQR සේවාව භාවිත කිරීම වෙනුවෙන් eZ Cash පාරිභෝගිකයන්ගෙන් කිසිඳු අමතර ගාස්තුවක් අය නොකෙරේ.

ගනුදෙනු සීමාව

eZ Cash පාරිභෝගිකයන්ට තම wallet එකෙහි පවතින ශේෂයට යටත්ව සහ ගනුදෙනුව සිදුකරන අවස්ථාවේ wallet සීමාවට යටත්ව (eZ Cash පාරිභෝගික wallet එක මගින්) ගනුදෙනු සිදුකළ හැක.

 

නිතර අසන ප්‍රශ්න

1. LankaQR මගින් සිදුකරන ගෙවීම් සඳහා මගෙන් ගාස්තුවක් අය කරනවාද?
නැහැ. LankaQR මගින් සිදුකරන ගෙවීම් සඳහා ඔබෙන් අමතර ගාස්තුවක් අය කරන්නේ නැත.

2. ගනුදෙනුව සාර්ථකවීමට කෙතරම් කාලවේලාවක් ගතවේද?
ගනුදෙනුව එම අවස්ථාවේදීම සිදුවනු ඇත.

3. තුන්වෙනි පාර්ශවයේ LankaQR මධ්‍යස්ථානයකදී (eZ Cash මධ්‍යස්ථාන හැරුණු විට) මට ගෙවීම් කළ හැකිද?
ඔව්, LankaQR සේවාව ලබාදෙන ඕනෑම තුන්වෙනි පාර්ශවයේ වෙළඳ මධ්‍යස්ථානයකදී eZ Cash mobile app එක භාවිත කර scan කළ හැකිය.
උදාහරණ වශයෙන් Frimi/HNB Solo/ iPay/Upay සඳහන් කළ හැක

4. eZ Cash වෙළඳ මධ්‍යස්ථානයකදී ගෙවීම් සිදුකිරීම සඳහා මට ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් භාවිත කළ හැකිද?
eZ Cash Mobile App එක මගින් ක්‍රෙඩිට් / ඩෙබිට් භාවිත කරමින් ගෙවීම් සිදුකිරීම සඳහා පහසුකම් සලසා නැත.

5. ගනුදෙනුවක් සිදුකළ හැකි උපරිම සීමාව කුමක්ද?
eZ Cash පාරිභෝගික wallet එක - wallet සීමාවේ ප්‍රමාණය
Classic Wallet - උපරිමය රු. 10,000 කි
Power Wallet - උපරිමය රු. 50,000 කි

6. LankaQR මගින් මා සිදුකළ ගනුදෙනුවක් සඳහා මුදල් ආපසු අවශ්‍ය නම් හැරවුම් ක්‍රියාවලිය කෙසේ සිදුවේද?
ගෙවීම සිදුකරන ලද්දේ eZ Cash වෙළඳ හිමියෙකුගේ wallet එකකට නම් ඔවුන් ezretailerhelpdesk@dialog.lk
ඔස්සේ වෙළඳ නියෝජිත සහාය අංශය සම්බන්ධ කරගනු ඇත.
මීට අමතරව වෙනත් විමසීම් සඳහා පාරිභෝගිකයන්ට 7111 eZ Cash ක්ෂණික අංකය ඇමතිය හැක.
තුන්වෙනි පාර්ශවයේ LankaQR වෙළඳ හිමියෙකුට ගෙවීම සිදුකර ඇත්නම් 7111 ක්ෂණික අංකය අමතන ලෙස පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින්න.

7. ආපසු හැරවීමේ ක්‍රියාවලියට කෙතරම් කාලසීමාවක් ගතවේද?
eZ Cash wallet එකක සිට eZ cash වෙළඳ හිමියෙකු දක්වා - රාජකාරී දින 1-2 දක්වා
eZ Cash wallet එකක සිට තුන්වන පාර්ශවයේ LankaQR වෙළඳ හිමියෙකු දක්වා - රාජකාරී දින 2-3 දක්වා

8. ගනුදෙනුව අසාර්ථක වේ නම් මා කුමක් කළ යුතුද?
ගනුදෙනුව සිදුකරන ලද්දේ පාරිභෝගිකයෙකුගේ eZ Cash wallet එකකින් නම් - eZ Cash ක්ෂණික අංකය අමතන්න
ගනුදෙනුව සිදුකරන ලද්දේ තුන්වන පාර්ශවයේ LankaQR වෙළඳ හිමියෙකු හරහා නම් - පාරිභෝගිකයා 7111 දරන eZ Cash ක්ෂණික අංකය අංකය ඇමතිය යුතුය
තුන්වෙනි පාර්ශවයේ LankaQR වෙළඳහිමියා විසින් අදාළ සහාය ක්ෂණික ඇමතුම් අංකයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙනු ඇත.

9. මගේ app එක හරහා QR scan කිරීම අසාර්ථක වුවහොත් කුමක් කළ යුතුද?
සම්බන්ධ ගැටලුවක් හෝ LankaQR cකේතය සම්බන්ධ ගැටලුවකදී ඔබට 7111 දරන eZ Cash ක්ෂණික අංකය ඇමතිය හැක.