English | Tamil

eZ Banking Service

  • මෙම සේවාව දැනට සම්පත් ගිණුම් සඳහා ලබාගත හැක. (තැන්පතු, මුදල් ආපසු ගැනීම්).
  • eZ Banking සේවාව සලසන තෝරාගත් eZ Cash වෙළඳහිමියන් විසින් මෙම සේවාව සලසනු ලැබේ.
  • දිවයින පුරා eZ Banking සේවාව සලසන මධ්‍යස්ථාන පිළිබඳව දැනගැනීමට Merchant List PDF වෙත පිවිසෙන්න.
  • මෙම සේවාව ඉතුරුම්/පෞද්ගලික සහ ජංගම ගිණුම් සඳහා අදාළ වේ.
  • සියලුම ගනුදෙනු ඒ අවස්ථාවේ සිදුවූ ඒවාය.
  • සම්මත බැංකු වේලාවන් හා බැංකු නිවාඩු හමුවේ වුවද eZ Banking නියෝජිතයන් හරහා විසින් එම වේලාවන් ඉක්මවා සේවාවන් සලසනු ලබයි.
  • මෙම සේවාවට අදාළ වන උපරිම හා අවම දෛනික සීමාවන් පහත පරිදි වේ.
    අවම වටිනාකම (ගනුදෙනුවක් සඳහා) උපරිම (ගනුදෙනුවක් සඳහා) ගනුදෙනු සංඛ්‍යාවේ සීමාව (දෛනික)
    තැන්පතු රු. 500 රු. 50,000 ගනුදෙනු 3 යි
    මුදල් ආපසු ගැනීම් රු. 500 රු. 5000 ගනුදෙනු 3 යි
  • eZ Banking සේවාව හරහා මුදල් තැන්පතු හා ආපසු ගැනීම් සිදුකරන පාරිභෝගිකයන් පහත කරුණු සම්පූර්ණ කළ යුතුය.
    මුදල් තැන්පතු - තමන්ගේ ගිණුමට හෝ වෙනත් සම්පත් බැංකු ගිණුමකට මුදල් තැන්පතු කළ යුතුය.
    - වෙළඳහිමියාට සිය ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකතන අංකය ඉදිරිපත් කළ යුතුය.
    - eZ Cash wallet එකක් තිබීම අනිවාර්ය නොවේ.
    මුදල් ආපසු ගැනීම් - ගිණුම් හිමියා eZ Banking වෙළඳ මධ්‍යස්ථානයේ සිටින අවස්ථාවේ පමණක් මුදල් ආපසුගැනීම් කළ හැකිවේ.
    - eZ Cash wallet එකක් තිබීම අනිවාර්ය වේ.
    - සම්පත් බැංකුවේ SMS සේවාව සඳහා මෙන්ම eZ Cash wallet එක සඳහා ලියාපදිංචි වූ ජංගම දුරකතනය, එම අංකය ඉදිරිපත් කළ යුතුවේ.