English | Tamil

eZ Cash CEB/ Water Bill promotion

  • eZ Cash වෙළඳ නියෝජිතයෙකු හරහා, #111# USSD කේතය ඩයල් කිරීමෙන් හෝ eZ Cash Customer App භාවිතයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ජල සම්පත් මණ්ඩලයේ බිල්පත් ගෙවීම් වෙනුවෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන වලංගු වේ.
  • 2022 මැයි 18 වෙනිදායින් ආරම්භ වන මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු 15 දක්වා මාස 03 කට වලංගු වේ.
  • රු.1000/- ක් දක්වා වූ බිල්පත්වලට පමණක් 100% ක මිල අඩුකිරීම අදාළ වේ. රු.1000/- ට වැඩි බිල්පත් සඳහා මිල අඩුකිරීම රු.1000/- ක් පමණි.
  • මසකට 1000 ක උපරිම ජයග්‍රාහකයන් පිරිසක් (විදුලිය පාරිභෝගිකයන් 500 ක් සහ ජල බිල් පාරිභෝගිකයන් 500ක්) තෝරාගනු ලැබේ. මාස 3ක් සඳහා වාසනාවන්ත ජයග්‍රාහකයන් 3000 ක් තෝරාගනු ලැබේ.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහනට සුදුසුකම් ලබාගැනීම සඳහා බිල්පතක අවම හෝ උපරිම වටිනාකමක් අදාළ නොවේ.
  • ප්‍රවර්ධන කාලසීමාව තුළදී ඕනෑම මසකට අධාල බිල්පතක් ගෙවිය හැකි අතර, එමගින් ඊට පසු මාසයේ බිල්පත් ගාස්තුවෙන් 100%ක් දක්වා අඩු කිරීමක් ලබාගැනීමට හැකියාව ලැබේ.
  • ප්‍රවර්ධන කාලසීමාවට අදාළ නොවන එහෙත් එම කාලසීමාව තුළ ගෙවා අවසන් කළ බිල්පත් ද මිල අඩුකිරීම සඳහා සුදුසුකම් ලබයි.
  • සෑම මාසයකම ජයග්‍රාහකයන් පිළිබඳ තොරතුරු eZ Cash වෙබ් අඩවියේ යාවත්කාලීන කරන අතර ඊළඟ මාසයේ 15 වෙනිදා වන විට ඔවුන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කෙරේ. SMS මගින් ජයග්‍රාහකයන්ව දැනුවත් කරන අතර ඔවුන්ගේ නම් eZ Cash වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් සලකා බලන්නේ විදුලිය සහ ජලය වෙනුවෙන් කරන සාර්ථක ගෙවීම් පමණි.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය Dialog ආයතනය සතුය.
  • ප්‍රවර්ධන වැඩසටහන හා සම්බන්ධ කරුණු, ගැටලු හා පැමිණිලි සම්බන්ධයෙන් Dialog ආයතනය ගනු ලබන තීරණ අවසන් තීරණ වශයෙන් සැලකේ.